Wednesday, February 22, 2017

සැමදා තරුණබව රැකගන්න


සැමදා තරුණබව රැකගන්න 
යෝග ව්‍යයාම වල යෙදෙන්න

යෝගඅාසන සහ ඒවායේ ශරීරයට වන බලපෑම හදුනාගනිමු
යෝග අාසන සරල සහ සංකීර්ණව අැත.ප්‍රථමයෙන් අපි ඉතා සරලව අාරම්බ කරමු.
ඔබගේ කැපවීම මත නිරෝගි බව නම්‍යශීලී බවත් සුන්දර බවත් අත්කර ගැනීමට හැකිවේ.
*තදාසනය*
මෙය අාරම්බ කල යුත්තේ සිටගෙනය.මෙම අාසනයේදී තම සරුර කෙලින් තබාගත යුතුය.කකුලේ මාපට අැගිලි දෙක වැදෙනසේ ලන්කරන්න.විළුඹ දෙක අගල්7-8 අෑත්කරන්නන.විළුඹ දෙකෙන් සිටගෙන.මාපට අැගිලි ඔසවා තම සිරුරෙහි බර කකුල් දෙකට බෙදීයන සේ නැවත ලංන්කරනන.සෘජුව සිටගෙන සිරුරෙහි මුළු බර පාදවෙත යොමු කරන්න කලවා දෙක මදක් අැතුලට හරවන්න.දැන් ගැඹුරු හුස්මක් ගෙන බඩ අැතුලට ගන්න උරහිස් දෙක ගෙල දෙසට මදක් ඔසවන්න. තම දෑත් දෙක පපුව අසලට ගේන්න.

මෙහිදී ශරීරයට වන යහපත් ප්‍රථිපල
පාද ශක්තිමත් කිරීම.යටි බඩෙහි මාංශපේෂි ශක්තමත් කිරීම.සිරුරෙහි ඉරියව් අලංකාර වීම මෙම අාසනය මගින් සිදුවේ.

*උත්තාසනය*
මෙය තදාසනයෙන් අාරම්භකරන්න.දෙපා අඩියක් පමණ අෑත්කරන්න.තම දණහිස් දෙක නොනමා තුණටියෙන් ඉහළ කොටස පහළට මන්න.නහය දණහිසවල ස්පර්ශ කිරීමට උත්සහ කරන්න.දෑතේ අැගිලි අෑත්කර අල්ලෙන් පොලව ස්පර්ශ කිරීමට උත්සහ කරන්න.ගැබුරු හුස්මවාර8-10 ගන්න.

අසහනය දුරුකරයි,ගෙලෙහි නම්‍යශීලී භාවය වැඩිකරයි,පිටකොන්දේ සහ උකුල්වල නමයශීලී භාවය වැඩිකරයි.යටිබඩ සහ ජනේන්ද්‍ර ඉන්ද්‍රියන් ව්‍යයාම කරවයි.නස සන්සුන් කර මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩිකරයි.

*නටරාජාසන*
මෙයද තදාසන ඉරියව්වෙන් අාරම්භ වේ.
දකුණු කකුලට සිරුරේ මුළු බර ලබාදී.වම් කකුල පිටුපසට ඔසවා දණහිසෙන් අැතුලට නවන්න.තම වමත දික්කර වම් පාදයේ අැගිලිවලින් අල්ලාගන්න.ශරීරයේ බඩෙහි ඉහල කොටස ඉහලය ඔසවා දකුණත මුහුණට කෙලින් ඉහලට විහදුවා දෑස්වලින් අැගිලි දෙස බලන්න.මෙම ඉරියව්වේම සිටිමින් ගැඹුරු හුස්මවාර 6-8(අාශ්වාස-ප්‍රශ්වාස)යෙදෙන්න.ඉනපසු දෙපා මාරු කර ඉහත සදහන් කල අාකාරයට 
අාසනයේ යෙදෙන්න.ඔබට හැකිනම් වාර 4-5 අරම්භයේ කරන්න උත්සහ කරන්න.
මෙම අානය මගින් පාද ශක්තිමත් කරන අතර කොදු අැට පේලිය අසල සහ පප ප්‍රදේශයේ මාංශපේෂීන් ශක්තිමත් වේ.සමබරතාවය වැඩිකරයි.
සැ-යු
මෙම අාසන 3 දී අඩු රුධිර පීඩන තත්වයක් අැතිවීමට ඉඩතිබේ.
මෙහි ප්‍රතිඵල ඔබගේ කැපවීම මත බව හොදින් මතක තබාගන්න.
මෙම අාසන ජාය රූප සහ වීඩියෝ මගින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලැබේ.

No comments: