Thursday, February 9, 2017

සූර්ය නමස්කාරය විස්තරාත්මකව

පලවෙනි සහ 12වන පියවරේදී
තම දෑත් පපුව මත තබා නමස්කාර ඉරියව්වෙන් සිටීමත්.හුස්ම ගැනීම පිට කිරීම කෙරෙහි අවධානය යොමු කලයුතුය.දෑත් වල මාපට අැගිලි අනාහත චක්‍රය ස්පර්ශ කරයි.රුධිර සංසරණය හොදින් ක්‍රියාත්මක වීමත් ශ්වසන පද්ධතිය හොදින් ක්‍රියාත්මක වීමත් සිදුවේ.තයිමස් ග්‍රන්ථිය උත්තේජනයෙන් හෘද පෙනහළු පාලනය සිදුවේ.
ශරීර විඥානමය ලෙස ගත් විට උරහිස් කොන්ද ගෙල ශක්තිමත් කරයි.

දෙවන හා 11 වන පියවරේදී
ගෙල පෙදෙස අාශ්‍රිතව විශුද්ධි චක්‍රය උද්දීපනය වේ.ඒ අාශ්‍රිතව පවතින උදාන හා ප්‍රාණ වාතයද සාධක පිතද අවලම්බකව ශමනය වේ.ඒවාහි ක්‍රියාවන් හොදින් සිදුවේ.අක්ෂි,වාග්,ඝ්‍රාණ,ශ්‍රවණ,ඉන්ද්‍රියන් හොදින් ක්‍රියාත්මක වේ.ශ්‍රැත නාඩිය උත්තේජනය වේ.තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාත්මක වීමෙන් පරිවෘත්තීය ක්‍රියා පාලනය වේ.කොදුඅැට පෙළ ශක්තිමත් වේ.

තුන්වන සහ 10වන පියවර
ස්වාධිෂ්ඨාන චක්‍රය කෙරෙහි බලපායි.මෙම පියවරේදී උදරය අාශ්‍රව කරන මාන වතයද,සාදක පිතද ක්ලේදක කවද හොදින් ක්‍රියාතමක වේ.අග්න්‍යශය අාදී නිර්නාල ග්‍රන්ති උත්තේජනය වේ.හොදින් අාහාර දිරවීම පහසු කරයි.සාධක පිත නිසි පරිදි ක්‍රියාත්මක නොවූ විට හා ක්ලේදක කව(අාමාශය අාශ්‍රය කරන)විකෘති වූ විට අාමය අැතිවේ.දිවේ රෝග දිවේ වල බැදීම රස නොදැනීම ග්නි මාන්ද්‍ය අැති වේ.
ශරීර විඥානය ලෙස ගත් විට උදරයේ පේශිවල තානය වැඩිවීම සිදුවේ.කොන්ද හා සුසුමනා මාංශ පේශි ශක්තිමත් කරයි.

හතරවන හා 9වන පියවර
අාඥා චක්‍රය කෙරෙහි බලපයි.හිස සහ මස්තිෂ්කය අාශ්‍රිතව පවතිනුයේ ව්‍යන වාතයත්,සාධක පිතත්,තර්පත කවයත්ය.තර්ඵන කවය මගින් ඥානය,මතක ශක්තිය,වැඩිකරයි.අැසේ පෙනීම වැඩිකරයි.සාධක පිත මනස පවත්‍ර කර බුද්ධිය ධාරක ශක්තිය ලබාදෙයි.භය,ශෝක ක්‍රාේධ මෝහ දුරු කරයි.නවීනව පීතයිල් ග්‍රන්ථිය ක්‍රියාත්මක කරවයි.මෙයින් අනෙක් ගන්ථිවල ක්‍රියාකාරිත්වය පාලනය කරය.දිවා රාත්‍රි ලෙස කලය පිළිබද දැක්මක් ලබා ගනියි සුසුෂුම්නා ශීර්ෂගත රෝග දුරු වේ.කොදුඅැට පෙළ අත් මැණික් කටු සන්ධි ශක්තිමත් කරයි.

පස්වන සහ 8වන පියවර

විශුද්ධ චක්‍රය ක්‍රියාත්මක වන අතර උදාන ප්‍රාණ වාතයක්ද සාධක පිත හා අවලම්බන කඵ ක්‍රියාකාරී වන අතර නවීන විද්‍යාත්මකව තයිරොයිඩ් ග්‍රන්ථය ක්‍රියාත්මක වේ.ශරීරයේ පරිවෘත ක්‍රියාවන් හොදින් සිදුවේ
ශරීරික වශයෙන් ඉන දෙපස මාංස පේශි අඩු කරයි,ඉනෙන් පහල පසුපස මාංස පේශි ශක්තිමත් කරයි.

හයවන පියවර
මනපුර චක්‍රය ක්‍රියාකාරී වේ.මෙහිදී සමන වාතයක් සාධක පිතත් ක්ලෙදක කඵත් ක්‍රයාකාරී වේ.අාමාශය,අක්මාව,රලීහාව,අග්න්‍යශය,කුඩා හා මහා අන්ත්‍රය කෙරෙහිද ක්‍රියාකාරී වේ.අාහාර දිරවීම පහසු කරවයි.උදරගත රෝග වලක්වයි.අක්ෂි රෝග වැලැක් වීමට හේතු කාරක වේ.උදර පෙදෙසේ නිර්නාල ග්‍රනථි ක්‍රියාකාරී වීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.දයවැඩියාව පාලනය කරයි.තවද කොදුඅැට සුෂුම්නා පේශි ශක්තිමත කරයි.

හතවන පියවර
යේස්වාධිෂඨාන චක්‍රය ක්‍රියාකාරී වේ.මෙහිදී උදරයේ යටි පෙදෙස අාශ්‍රය කරන සමාන වාතය සාධක පිත ක්ලේදක කඵ යනාදි ක්‍රියාවන් හොදින් සිදු වේ.මේ පෙදෙස අාශ්‍රිත නිරනාල ග්‍රන්ථි උද්දීපනය වේ.ඩිම්බකෝෂ,ගර්භාෂය,වංදු සම්භාහනයකට ලක්වේ.අාර්තවය ක්‍රමවත් වේ.කරි දෙන මව්වරුන්ගේ කිරි ගුණාතමක බව මෙන්ම ප්‍රමාණය වැඩි කරයි.
ශාරීරික වශයෙන් ගර්භාෂය,ඩිම්බකෝෂ ශක්තිමත් කරයි. කදට ඉහළ සහ පහළ පේශි අැදීමකට ලක්වේ.පේශි ශක්තිමත් කරයි.කොදුඅැට පෙළ ශක්තිමත් වේ.උදරයේ මේදය අඩු වේ.

සූර්ය නමස්කාරය දිනපතා පුහුණු වීමෙන් රූපලාවන්‍යයට බොහෝ පිටුවහලක් වේ.ශරීරයේ සුනදරත්වය හා තරුණබව රැකගැනීමට හැකිවේ.

උපුටා ගැනීම ඉසිපත් පියස/

No comments: