Saturday, March 18, 2017

Yoga Padmasana

පද්මාසන
Isipath Piyasa



තමාගේ අාසනයෙහි වෙඩි වී පාදෙක දිග හරින්න.වම් පය හකුලා සෙමින් සෙමින් දකුණු උකුල් සන්ධියේ තබනු.ඉන්පසු දකුණු පය සෙමින් සෙමින් හකුලා වම් උකුල් සන්ධියේ තබනු.පිටකොන්ද කෙලින් තබාගනු.දකුණත දකුණු දණ සන්ධිය මතද වම් අත වම් දණසන්ධිය මතද තබනු.මෙසේ වාඩි වී තමාගේ නාසයේ අග දෙස මෘදු ලෙස බලනු.මෙය පද්මාසනයයි.මේ අාසනය යෝග අාසනවලින් ඉතාමත් යෝග්‍ය අාසනයක් බව අාචාර්්‍යය වරයෝ කියති.භාවනානුයෝගියා විසින් ඒ ඒ තැන්වලදී මේ පද්මාසනයත් මීට අනතුරුව කියවනු ලබන සිද්ධාසනයත් යොදාගත යුතුය.අන්‍ය වූ අාසන ශරීර ශක්තිය හා සෞඛ්‍යය දියුණු කර ගැනීම පිණිසත් බ්‍රහ්මචර්්‍යයාව රැක ගැනීම පණිසත් උපකාරී වෙති.ඒ අාසනවලින් හදගෙන භාවනා කිරීම අපහසුය.

සිද්ධාසනය


මෙය යෝගියාට හැම සිද්ධියක්ම හෙවත් හැම අභිඥා බලයක්ම ලබා දීමට සමර්ථ බැවින් සිද්ධාසනයයි කියනු ලැබේ.

තමාගේ අාසනයෙහි වාඩි වී පාදෙක ඉදිරියට දික් කර වම්පස හකුළා ඒ පාදයේ විලුඹ අධෝමාර්ගයට යටින් තබා ගනු.අනික් පාදයේ විලුඹ ලිංගයමුල යටි පැත්තේ තබා ගනු.නිකට පපුව මත තබාගනු.ඉන් අනතුරු අැස් නොවෙහෙසවා අැස්බැම දෙක මැද බලනු.පිටකොන්ද කෙලින් තබාගනු.අත්දෙක පද්මාසනයේ අාකාරයට තබාගනු.මුලදී මෙසේ හිදිනු.ක්‍රමයෙන් වැඩිකොට පැය තුන දක්වා දික්කරගත යුතුය.තරුණ බ්‍රහ්මචාරීන්ට බ්‍රහ්මචර්යාව රැක ගැනීම සදහා මේ අාසන ක්‍රමය ඉතා ප්‍රයොනවත් වේ.අර්ශස්,දියවැඩියාව,උපදංශරෝග අැති අයට මේ අාසනය ඉතා ප්‍රයෝජනවත් වේ.

Monday, March 13, 2017

යෝග ප්‍රාණයාම

යෝග ප්‍රාණයාම
ප්‍රථම අභ්‍යසය

ඔබ භාවනාව සදහා වෙන් කල කාමරයෙහි ඔබගේ ශාස්තාවරයාගේ රූපය ඉදිරිපිට කැමති පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් වාඩිවනු.දකුණු මාපටැගිල්ලෙන් දකුණු නාස්පුඩුව වසාගෙන වම් නාස්පුඩුවෙන් සෙමින් හුස්ම ඉහළට ගතයුතුය.තමාට අපහසුවක් නොමැතිව හුසම ගත හැකිතාක් ඒ විදිහට කරනු.ඉන් පසු ඒ නාස්පුඩුවෙන්ම හුස්ම පිට කරනු.මේ අවස්ථාවේදි කරුණාව,මෙෙත්‍රිය,ඉවසීම,සාමය,ප්‍රීතිය,ඥානය යන යහපත් දේ උඩට අදින වාතය සමග ඔබේ ශරීරයට අැතුල් වේ යයි ද,ලෝභ,දේවේශ,මෝහදී අයහපත් දේ පිට කරන වාතය සමග පිටවේ යයි ද සලකනු.මෙසේ හය වරක් පමණ කරනු.මුලදී දිනපා මෙසේ හුස්ම ඉහළ පහළ ගෙන ක්‍රමයෙන් හයවාර දොළසකට නංවනු.ඉන්පසු වම් නාස්පුඩව සුළැගිල්ලෙන් හා ඒට උඩින් තිබෙන අැගිල්ලෙන් තද කොට දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඉහළට ගන ඒ නාස්පුඩවෙන් පිටකරනු.මෙයද පෙර සේ හය වරක් කරනු.මුලදී හයවාර 1 බැගින් කොට ක්‍රමයෙන් 12ට නන්වනු.

ප්‍රාණයාම 2වන අභ්‍යාසය

ප්‍රථම අභ්‍යාසයෙන් අනතුරුව දකුණු නාස්පුඩුව දකුණතේ මාපට අැගිල්ලෙන් වසා වම් නාස්පුඩුවෙන් හුස්ම ගනු.නැවත දකුණතේ සුළැගිල්ලෙන් හා ඒ ලගම අැගිල්ලෙන් වම් නාස්පුඩුව වසාගෙන දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිකරනු.නැවත දකුණු නාස්පුඩුවෙන් හුස්ම ගෙන මාපටඅැගිල්ලෙන් ඒ වසා වම් නාස්පුඩුවෙන් පිට කරනු.මෙසේ වාර 6ක් කරනු.
     උදෑසන වාරයක් ද හවස වාරයක් ද මෙසේ කරමින් ක්‍රමක් ක්‍රමයෙන් හයවාර දොළස දක්වා වැඩි කරනු.

ප්‍රාණයාම 3වන අභ්‍යාසය

නාස්පුඩු දෙකෙන්ම හැකිතරම් හුස්ම අැතුළට ගෙන ඒසේ හුස්ම පිටකරනු.මෙය දොළොස්වරක් කරනු.මෙය 1ක් රවුමකි.1ක් රවුමකින් පටන්ගෙන රවුම් 6 දක්වා දික කරනු.

ප්‍රාණයාම 4වන අභ්‍යසය

නාස්පුඩු දෙකෙන්ම ඔබට හැකිතරම් හුස්ම ගෙන.හැකතරම් කාළයක් ඒ අැතුලත රදවාගනු.ඉන්පසු හැකිතරම් දුරට හුස්ම පිටකරනු.මෙයද දොළොස් වාරයක් කිරීම 1ක් රවුමකි.ක්‍රමයෙන් රවුම් 6දක්වා නංවනු.

ප්‍රාණයාම 5වන අභ්‍යාසය

දකුණතේ  මාපටඅැගල්ලෙන් දකුණු නාස්පුඩුව වසාගෙන වම් නාස්පුඩුවෙන් හුස් ගන්න.අනතුරුව දකුණතේ සුළැගිල්ලෙන් හා ඒ ලග අැගිල්ලෙන් වම් නාස්පුඩුව වසාගෙන ඔබට හැකිතාක් කල් හුස්ම නවතාගෙන සිට මාපටැගිල්ල ඉවත් කොට දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිටකරනු.
       නැවත දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඉහළට ගෙන පෙර සේම හැකිතාක් කාලයක් නවතාගන සිට වසාගෙන සිටි වම් නාස්පුඩුවෙන් පිට කරනු.මේ ක්‍රම 6  1ක් ප්‍රණයාමයකි.උදෑසන ඒ වැනි ප්‍රාණයාම 20ක් ද සවස20ක් ද අාම්භයේදී පවත්වනු.ක්‍රමක් ක්‍රමයෙන් 80 දක්වා නංවනු.

ඔබට කාල නියමයක් අවශ්‍යය නම්  ooommm     යයි 1වරක් කියන තුරු හුස්ම ගෙන ඒ සතර වරක් කියවෙන තුරු හුස්ම නවත්වාගෙන සිටooomm    දෙවරක් කියන තුරු හුස්ම පිට කරනු (හුස්ම ගැනීම1.නවතා තැබීම,4.පිට කිරීම)2.දෙවෙනි සතියෙදී කාල ප්‍රමානය 2;8;4 ට නංවනු.තෙවෙනි සතයේදී 3;12;5 යන ප්‍රමණයට නංවනු ක්‍රමක් ක්‍රමයෙන් 20;80;40 දක්වා නංවනු.යම් සතියක නැන්වීමට අපහසුයයි පෙනේ නම් සති 2 හෝ 3 ක් ඒකම ප්‍රමාණයකට ගෙන යා යුතුය.

මතු සම්බන්දයි. 

Thursday, March 9, 2017

කුණ්ඩලීනීශ්ක්තිය

කුණ්ඩලීනීශ්ක්තිය

පිටකොන්දට"මේරූදණ්ඩ"යන නමක් දී තිබේ.ඒය පටන් ගන්නේ ගුද මාර්ගයත් ලිංගයේ මුලටත් අතරේ පිහිටි කුණ්ඩ නැමති තැනෙන්ය.අවසන් වන්නේ හිස්කබල පටන් ගන්නා තැනදීය.මෙය දෙපසෙහි"ඉඩා,පිංගලා"යන නාඩි දෙකකි.නාඩිය නම් නහරමැද ගමන් කරන ධාවනයයි.මේ දෙක අතරෙහි(පිටකොන්ද)මැද සිදුරක් තිබේ.ඒයට "සුෂුම්නා"යයි කයනු ලබයි.ඒ සුෂුම්නානාඩියේ මුල වට දෙකහමාරක් දරණගසාගෙන සිටින සර්පයකුගේ අාකාර අැති කුණ්ඩලීනීශක්තිය යෝගනිද්‍රාවෙන් නිශ්චලව පවතී.ඉඩානාඩිය දකුණු අණ්ඩ(කෝෂ)යෙන් ද පිංගල නාඩිය වම් අණ්ඩ(කෝෂ)යෙන් ද පටන් ගනිත්.ඒ දෙදෙන මූලධාර චක්‍ර ස්තානයේදී සුෂුම්නාවට හමුවෙති.ඉඩානාඩිය  වම්නාස්පුටයෙන් ද පිංගලනාඩිය දකුණුනාස්පුටයෙන් ද පිටවෙති.ඉඩානාඩිය සිසිල්ය,අනික උණුසුම්ය.ප්‍රාණය සුෂුම්නාව මගින් ගමන්කරන විට සිත ස්ථීර වෙයි.කුණ්ඩලීනිය නැගිට්ටෙව් කල්හි ඒය සුෂුම්නාව දිගේ උඩට නගියි.නගින විට ප්‍රාණයද ඒ අනුව ගමන්කරයි.යට කී උඩ්ඩීයන බන්ධයෙහි යෙදීමෙන් කුණ්ඩලිනීශක්තිය අවදි වී උඩට නගින්නට පටන් ගනී.යෝගාසන ප්‍රාණයාම අාදිය දක්වා තිබෙන්නේ මේ කුණ්ඩලිනීශක්තිය නැන්වීම සදහාය.
          පිටකොන්ද මැද පිහිටි සිත පළිබද නාඩිය ශරීරයේ ප්‍රධාන නාඩියයි.(සුෂුම්නායයි කියන ලද්දේ ඒමයි)ජීව බලය රදා පවත්නේ මේ නාඩියෙහිය.ප්‍රාණය කායික මානසික හැම ක්‍රියා වලදීම බල පවත්වයි.කුණඩලීනය නංන්වන්නට උත්සහ කරන යෝගියා විසින් පළමුකොට කළ යුත්තේ නාඩි ශුද්ධ කිරීමයි.ඒ කිරීමෙන් සාමාන්‍යයෙන් අැහිරී තිබෙන සුෂුම්නානාඩිය විවෘත වෙයි.

         කුණ්ඩලිනීයෝගියා විසින් වෙෙතසිකබලය ගබඩා වී පවත්නා චක්‍රසය ගැන ද දැනගත යුතුය.සුෂුම්නාඩියේ සය පලක මේ චක්‍ර පිහිටියයි කියත්.ඒවා නම් .1මූලධාර 2.ස්වාධිස්ඨාන 3.මණිපුර 4.අනාහත 5.විශුද්ධි 6.අඥ යන සය වේ.මේ සියල්ලට මත්තෙහි සහශ්‍රාර චක්‍රය වේ.මේවා සිරුර කපා කොටා බැලිය හැක් චක්‍ර නොවේ.භාවනාව වඩත් වඩත්ම නුවන වැඩෙන බැවින් ඒ වැඩෙන ප්‍රමාණවලදී ගණන් ගනු ලබන ස්ථානයයි.සහශ්‍රාරචක්‍රය මේ සයට වඩා ශ්‍රේෂ්ඨයි.ඒ චිත්ත බලය සම්පූර්ණයෙන් ලැබූ දිවැස් අාදිය අැති පුද්ගලයෙකුට ලැබෙන බැවින් මේ සයට අැතුලත් නොකෙරේ.  

Wednesday, March 8, 2017

ප්‍රාණායාම

ප්‍රාණායාම

අාශ්වාස-ප්‍රාශ්වාස දෙක ප්‍රාණ යයි පැහැදිලිය.ප්‍රාණය සම්භණ්ධයෙන් ශිවානන්ද ස්වමි තව දුරටත් මෙසේ විස්තර කරයි.ප්‍රාණය අාහාර දිරවා ලේ බවට හරවා මොළයට හා පපුවට යවයි.සිත ක්‍රියාකාරී වන්නේ ඉන් අනතුරුවය.ලෝක ධාතුවේ පවත්නා සර්වව්‍යාපී වේගය නම් ප්‍රාණයයි.නිශ්චලව හා චංචලව පැවතිය හැක.කුඹියාගේ පටන් අැතා දක්වා ද ඒකගෝලක අමීබාවා නැමතා අැසට නොපෙනෙන ක්ෂද්‍ර ජීවයාගේ පටන් මිනිසා දක්වා ද වෘකෂලතා වලද පවතී.ඹබ අරමුණු ගනනේද ප්‍රාණයේ බලයෙනි.ගින්න දැල්වන්නේ,සුළන් හමන්නේ,ගංගා ගලා බසින්නේ නැව්,අාකාශ යාත්‍රා ගමන් කරන්නේ,රේඩියෝ රැළ ගමන් කරන්නේ.ප්‍රාණයේ බලයෙනි.ශරීරයේෙෙ ගමන සිදුකරන්නේ මල මූත්‍ර පහකරවන්නේ ප්‍රාණයයි.
          සිතීමෙන්,අශාකිරීමන්,කථාාා කිරීමෙන්,ලිවීමෙන්,ක්‍රියා කිරීමෙන් ප්‍රාණය ක්ෂයවේ.අාහාරයෙන්,ජලයෙන්,වාතයෙන්,ඉරියව්වෙන් ප්‍රාණය ශක්තිය වැඩිවේ.අතිරේක ප්‍රාණය මෙළයෙහිත් නාඩිමධස්ථානවලත් රැස්ව පවතී.ප්‍රාණයාමයෙහි නියම ලෙස යෙදීමෙන් යෝගියා විදුලි බැටරියක විදුලිය තැන්පත්කර තබාගන්නාසේ ප්‍රාණය තැන්පත් තබා ගනී.තමාගේ සන්තානයෙහි සෑහෙන තරම් ප්‍රාණශක්තිය තැනපත් කරගතත් යෝගියා විදුලිය උපදවන ස්ථානයක් මෙන් තමා අවට ශක්තිය පතුරවයි.ඔහු සමීපයට පැමිණෙන අන්‍යයෝ ඔහුගෙන් ප්‍රාණ බලයද ධෙෙර්යය ද වීර්යය ද ප්‍රීතිමත් භාවයද අැදගනිත්.තෙල්  ගලායන්නාසේ අදශ්‍යමාන බලය බලවතා කෙරෙන් දුබලයා වෙත අැදී යයි.
  ඔබට අාණාපාණයන් වසග කළ හැකිනම් හෙවත් නියම ලෙස පැවැත්වය හැකිනම් සිතද වසග කළ හැක සිත ඒකගකල පුද්ගලයා විසින් අාණාපාණයන් ද නියම ලෙස පැවතිය හැක.සිත,ප්‍රාණය,ශුක්ලධාතුව යන මේ තුන අතර ළං වූ සම්බන්ධයක් තිබේ.ඔබට ශුක්ලවේගය පාලනය කළ හැකිනම් ඔබගේ සිත සහ ප්‍රාණයත් පාලනය කළ හැක.අාශ්වාස-ප්‍රාශ්වාසයන් ස්ථිර ලෙස නොපවත්නා කල්හි සිතද චංචලවෙයි.ඒවා නියම අාකාරයෙන් පවත්නාවිට සිත සන්සුන්වෙයි.සිංහයකු හීලෑ කිරීමට දීර්ඝකාලයකුත් ඉවසීමත් නොපසුබට උත්සහයත් අැතිවිය යුතුවාසේ ඔබට මේ ප්‍රාණය හීලෑ කිරීමටද දිගු කලක් ගතවේ.ඉවසීමත් උත්සහයත් අැතිවිය යුතුයි.ප්‍රාණයාමයෙහි යෙදීමෙන් යෝගියාගේ අායුෂය දික්වේ.

ප්‍රාණයාම පළමු අභ්‍යසය ලබන සතියේ ඔබට ඉදිරිපත් වේ.

Wednesday, February 22, 2017

සැමදා තරුණබව රැකගන්න


සැමදා තරුණබව රැකගන්න 
යෝග ව්‍යයාම වල යෙදෙන්න

යෝගඅාසන සහ ඒවායේ ශරීරයට වන බලපෑම හදුනාගනිමු
යෝග අාසන සරල සහ සංකීර්ණව අැත.ප්‍රථමයෙන් අපි ඉතා සරලව අාරම්බ කරමු.
ඔබගේ කැපවීම මත නිරෝගි බව නම්‍යශීලී බවත් සුන්දර බවත් අත්කර ගැනීමට හැකිවේ.
*තදාසනය*
මෙය අාරම්බ කල යුත්තේ සිටගෙනය.මෙම අාසනයේදී තම සරුර කෙලින් තබාගත යුතුය.කකුලේ මාපට අැගිලි දෙක වැදෙනසේ ලන්කරන්න.විළුඹ දෙක අගල්7-8 අෑත්කරන්නන.විළුඹ දෙකෙන් සිටගෙන.මාපට අැගිලි ඔසවා තම සිරුරෙහි බර කකුල් දෙකට බෙදීයන සේ නැවත ලංන්කරනන.සෘජුව සිටගෙන සිරුරෙහි මුළු බර පාදවෙත යොමු කරන්න කලවා දෙක මදක් අැතුලට හරවන්න.දැන් ගැඹුරු හුස්මක් ගෙන බඩ අැතුලට ගන්න උරහිස් දෙක ගෙල දෙසට මදක් ඔසවන්න. තම දෑත් දෙක පපුව අසලට ගේන්න.

මෙහිදී ශරීරයට වන යහපත් ප්‍රථිපල
පාද ශක්තිමත් කිරීම.යටි බඩෙහි මාංශපේෂි ශක්තමත් කිරීම.සිරුරෙහි ඉරියව් අලංකාර වීම මෙම අාසනය මගින් සිදුවේ.

*උත්තාසනය*
මෙය තදාසනයෙන් අාරම්භකරන්න.දෙපා අඩියක් පමණ අෑත්කරන්න.තම දණහිස් දෙක නොනමා තුණටියෙන් ඉහළ කොටස පහළට මන්න.නහය දණහිසවල ස්පර්ශ කිරීමට උත්සහ කරන්න.දෑතේ අැගිලි අෑත්කර අල්ලෙන් පොලව ස්පර්ශ කිරීමට උත්සහ කරන්න.ගැබුරු හුස්මවාර8-10 ගන්න.

අසහනය දුරුකරයි,ගෙලෙහි නම්‍යශීලී භාවය වැඩිකරයි,පිටකොන්දේ සහ උකුල්වල නමයශීලී භාවය වැඩිකරයි.යටිබඩ සහ ජනේන්ද්‍ර ඉන්ද්‍රියන් ව්‍යයාම කරවයි.නස සන්සුන් කර මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩිකරයි.

*නටරාජාසන*
මෙයද තදාසන ඉරියව්වෙන් අාරම්භ වේ.
දකුණු කකුලට සිරුරේ මුළු බර ලබාදී.වම් කකුල පිටුපසට ඔසවා දණහිසෙන් අැතුලට නවන්න.තම වමත දික්කර වම් පාදයේ අැගිලිවලින් අල්ලාගන්න.ශරීරයේ බඩෙහි ඉහල කොටස ඉහලය ඔසවා දකුණත මුහුණට කෙලින් ඉහලට විහදුවා දෑස්වලින් අැගිලි දෙස බලන්න.මෙම ඉරියව්වේම සිටිමින් ගැඹුරු හුස්මවාර 6-8(අාශ්වාස-ප්‍රශ්වාස)යෙදෙන්න.ඉනපසු දෙපා මාරු කර ඉහත සදහන් කල අාකාරයට 
අාසනයේ යෙදෙන්න.ඔබට හැකිනම් වාර 4-5 අරම්භයේ කරන්න උත්සහ කරන්න.
මෙම අානය මගින් පාද ශක්තිමත් කරන අතර කොදු අැට පේලිය අසල සහ පප ප්‍රදේශයේ මාංශපේෂීන් ශක්තිමත් වේ.සමබරතාවය වැඩිකරයි.
සැ-යු
මෙම අාසන 3 දී අඩු රුධිර පීඩන තත්වයක් අැතිවීමට ඉඩතිබේ.
මෙහි ප්‍රතිඵල ඔබගේ කැපවීම මත බව හොදින් මතක තබාගන්න.
මෙම අාසන ජාය රූප සහ වීඩියෝ මගින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලැබේ.

Sunday, February 19, 2017

Yoga Day

June21

Recently various yoga groups and yoga Guru have requested to name 21 of june as the Yoga Day.They have reasoned out its necessity.Sri Ravishanker has named a Yoga Day at a Yoga Summit held in portugal in Year 2011.Amartha Sooryananda, a renound Yoga guru in the world has commemorated 21of june as the Yoga Day even before sixteen years,Therefore this has been considered as the yoga Teacher's Day in a India a group led by Sri Ravishanker has requested the United Nation the most Organized institution in the present world ,to declare a Yoga Day.The international Yoga Day could be introduced as a result of this collaborative effort.

                           21 of june marks a wonderful rhythm of nature whereas 21 june has been noted as the longest day to the Northern Hemisphere above the equator .Spiritual trainees named this day as Guru Purnima .On this day the rays of light which reach the earth increase with the alteration of path of the Moon.This day is vital to the Yogi who has chosen the eternal path to walk from darkness to the enlightenment.AS per a Yoga pandi called as jaggi Vasudev this incident is called as a Yoga rule.This Day is considered as the best day for the Yoga communications.In accordance with the  yoga litertature it is believed that the Lord Shiva has chosen this 21 June for communicating the yoga beliefs to the world.This also depict that nature also gravely helpful for the yoga trainings .Accodingly,it is vital to consider 21of June as the International yoga Day as per the present chronological year system in practice.

The details on International Day of Yoga have been officially declared.This day has been defined in the official website 
   1.International yoga Day 
   2.UN International Yoga Day

It has been decided to celebrate this day worldwide.All member countries of the United Nations have stepped forward to perform this celebration.Hence it has been decided to celebrate this day worlwide.All member countries of the united Nation have stepped forward to perform this celebration.Hwnce the Yoga Day celebration is celebrated annually.


       

Thursday, February 9, 2017

සූර්ය නමස්කාරය විස්තරාත්මකව

පලවෙනි සහ 12වන පියවරේදී
තම දෑත් පපුව මත තබා නමස්කාර ඉරියව්වෙන් සිටීමත්.හුස්ම ගැනීම පිට කිරීම කෙරෙහි අවධානය යොමු කලයුතුය.දෑත් වල මාපට අැගිලි අනාහත චක්‍රය ස්පර්ශ කරයි.රුධිර සංසරණය හොදින් ක්‍රියාත්මක වීමත් ශ්වසන පද්ධතිය හොදින් ක්‍රියාත්මක වීමත් සිදුවේ.තයිමස් ග්‍රන්ථිය උත්තේජනයෙන් හෘද පෙනහළු පාලනය සිදුවේ.
ශරීර විඥානමය ලෙස ගත් විට උරහිස් කොන්ද ගෙල ශක්තිමත් කරයි.

දෙවන හා 11 වන පියවරේදී
ගෙල පෙදෙස අාශ්‍රිතව විශුද්ධි චක්‍රය උද්දීපනය වේ.ඒ අාශ්‍රිතව පවතින උදාන හා ප්‍රාණ වාතයද සාධක පිතද අවලම්බකව ශමනය වේ.ඒවාහි ක්‍රියාවන් හොදින් සිදුවේ.අක්ෂි,වාග්,ඝ්‍රාණ,ශ්‍රවණ,ඉන්ද්‍රියන් හොදින් ක්‍රියාත්මක වේ.ශ්‍රැත නාඩිය උත්තේජනය වේ.තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාත්මක වීමෙන් පරිවෘත්තීය ක්‍රියා පාලනය වේ.කොදුඅැට පෙළ ශක්තිමත් වේ.

තුන්වන සහ 10වන පියවර
ස්වාධිෂ්ඨාන චක්‍රය කෙරෙහි බලපායි.මෙම පියවරේදී උදරය අාශ්‍රව කරන මාන වතයද,සාදක පිතද ක්ලේදක කවද හොදින් ක්‍රියාතමක වේ.අග්න්‍යශය අාදී නිර්නාල ග්‍රන්ති උත්තේජනය වේ.හොදින් අාහාර දිරවීම පහසු කරයි.සාධක පිත නිසි පරිදි ක්‍රියාත්මක නොවූ විට හා ක්ලේදක කව(අාමාශය අාශ්‍රය කරන)විකෘති වූ විට අාමය අැතිවේ.දිවේ රෝග දිවේ වල බැදීම රස නොදැනීම ග්නි මාන්ද්‍ය අැති වේ.
ශරීර විඥානය ලෙස ගත් විට උදරයේ පේශිවල තානය වැඩිවීම සිදුවේ.කොන්ද හා සුසුමනා මාංශ පේශි ශක්තිමත් කරයි.

හතරවන හා 9වන පියවර
අාඥා චක්‍රය කෙරෙහි බලපයි.හිස සහ මස්තිෂ්කය අාශ්‍රිතව පවතිනුයේ ව්‍යන වාතයත්,සාධක පිතත්,තර්පත කවයත්ය.තර්ඵන කවය මගින් ඥානය,මතක ශක්තිය,වැඩිකරයි.අැසේ පෙනීම වැඩිකරයි.සාධක පිත මනස පවත්‍ර කර බුද්ධිය ධාරක ශක්තිය ලබාදෙයි.භය,ශෝක ක්‍රාේධ මෝහ දුරු කරයි.නවීනව පීතයිල් ග්‍රන්ථිය ක්‍රියාත්මක කරවයි.මෙයින් අනෙක් ගන්ථිවල ක්‍රියාකාරිත්වය පාලනය කරය.දිවා රාත්‍රි ලෙස කලය පිළිබද දැක්මක් ලබා ගනියි සුසුෂුම්නා ශීර්ෂගත රෝග දුරු වේ.කොදුඅැට පෙළ අත් මැණික් කටු සන්ධි ශක්තිමත් කරයි.

පස්වන සහ 8වන පියවර

විශුද්ධ චක්‍රය ක්‍රියාත්මක වන අතර උදාන ප්‍රාණ වාතයක්ද සාධක පිත හා අවලම්බන කඵ ක්‍රියාකාරී වන අතර නවීන විද්‍යාත්මකව තයිරොයිඩ් ග්‍රන්ථය ක්‍රියාත්මක වේ.ශරීරයේ පරිවෘත ක්‍රියාවන් හොදින් සිදුවේ
ශරීරික වශයෙන් ඉන දෙපස මාංස පේශි අඩු කරයි,ඉනෙන් පහල පසුපස මාංස පේශි ශක්තිමත් කරයි.

හයවන පියවර
මනපුර චක්‍රය ක්‍රියාකාරී වේ.මෙහිදී සමන වාතයක් සාධක පිතත් ක්ලෙදක කඵත් ක්‍රයාකාරී වේ.අාමාශය,අක්මාව,රලීහාව,අග්න්‍යශය,කුඩා හා මහා අන්ත්‍රය කෙරෙහිද ක්‍රියාකාරී වේ.අාහාර දිරවීම පහසු කරවයි.උදරගත රෝග වලක්වයි.අක්ෂි රෝග වැලැක් වීමට හේතු කාරක වේ.උදර පෙදෙසේ නිර්නාල ග්‍රනථි ක්‍රියාකාරී වීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.දයවැඩියාව පාලනය කරයි.තවද කොදුඅැට සුෂුම්නා පේශි ශක්තිමත කරයි.

හතවන පියවර
යේස්වාධිෂඨාන චක්‍රය ක්‍රියාකාරී වේ.මෙහිදී උදරයේ යටි පෙදෙස අාශ්‍රය කරන සමාන වාතය සාධක පිත ක්ලේදක කඵ යනාදි ක්‍රියාවන් හොදින් සිදු වේ.මේ පෙදෙස අාශ්‍රිත නිරනාල ග්‍රන්ථි උද්දීපනය වේ.ඩිම්බකෝෂ,ගර්භාෂය,වංදු සම්භාහනයකට ලක්වේ.අාර්තවය ක්‍රමවත් වේ.කරි දෙන මව්වරුන්ගේ කිරි ගුණාතමක බව මෙන්ම ප්‍රමාණය වැඩි කරයි.
ශාරීරික වශයෙන් ගර්භාෂය,ඩිම්බකෝෂ ශක්තිමත් කරයි. කදට ඉහළ සහ පහළ පේශි අැදීමකට ලක්වේ.පේශි ශක්තිමත් කරයි.කොදුඅැට පෙළ ශක්තිමත් වේ.උදරයේ මේදය අඩු වේ.

සූර්ය නමස්කාරය දිනපතා පුහුණු වීමෙන් රූපලාවන්‍යයට බොහෝ පිටුවහලක් වේ.ශරීරයේ සුනදරත්වය හා තරුණබව රැකගැනීමට හැකිවේ.

උපුටා ගැනීම ඉසිපත් පියස/

Sunday, January 29, 2017

Padma asana

PADMAASANA

SARWANGAASANA

H.H.Swami Chinmayananda Saraswati

H.H,swami Chinmayananda Saraswati was a Hindu spiritual leader and teacher who inspired the formation of Chinmaya Mission ,a world nonprofit organization ,to spread the knowledge of Advaita 
Vedanta the  non-dual system of thought found in the Upanishads,which epitomize the philosophical teachings of the Vedas,

swami ji inspired the formation of Chinmaya  Mission in 1953.Founded by his disciples and led by him it is a spiritual,education,and charitable nonprofit organization that enompasses  more than 300 centers in India and internationally .He authored 95 publications,including commentaries on the major Upanishads and Bhagava Gita.He was a visiting professor of Indian philosophy at several American and Asian universities and he conducted university lecture tours countries.

copy write by isipath piyasa

Monday, January 23, 2017

SWAMI VIVEKANANDA(1863-1902)

SWAMI VIVEKANANDA was born Narendrnanth Dutta.son of a well-known lawyer of Calcutta,Vishvanath Dutta,and a very intelligent and pious lady,Bhuvaneshwari Devi,in the year 1863

Naren learnt the Epics and puranas from  his mother ,who was a good storyteller .He also inherited her memory among other qualities.He ,in fact,owed much to her as he used to say later .Naren was all round .He could sing ,wasgood at sports,had a ready wit his range of knowledge was extensive,had a rational frame of mind and he loved to help people.He was a natural leader He was much sought after by people because of his various accomplishment.

Naren passed Entrance Examination from the Metropolitan Institution and F.A.and BA Examination from general Assembly's Institution (now Scottish Church college)Philosophy was the first priority with him and Hastic Principal of the College was highly impressed by Naren's Philosophical insight.It was from Hastie that he first heard of Sri Ramakrishna.A student of philosophy the question of God very Much haunted  his mind.was there aGod if there was  a God what was he like  what were man's relation  with Him Did He create this world which was so full of anomalies .He discussed these question with many but no one could give him satisfactory answer.He looked to person who could say that they had seen God but found  none.

He happened to meet Ramakrishna at house of a neighbour  but there is nothing on record about the impression that he created on Naren's mind He  however invited Naren to visit him at Dakshineshwer some day As the days   passed.Naren began to grow restless about the various riddles that religion  presented to him .He particularly wanted to meet a person who could talk about God with the went to Ramakrishna one dayand saked him straightaway if he had seen God.He said he had if and if Naren so wished ,he could even show God to him.This naturally took Naren by surprise.But he did not know what to make of it for though his simplicity and love of God impressed naren his idiosyncrasies made him suspect if Ramakrishna was not a' monomaniac'He began to watch him from close quarters and after a long time he was left in no about that Ramakrishna was an extraordinary man
continue/ 
copy write by isipath piyasa


Tuesday, January 17, 2017

සූර්‍ය නමස්කාරය මගින් අපගේ ශරීරයේ සිදුවන භෞතවේදී හා ශරීර විඥානවය කර්‍ය

සූර්‍ය නමස්කාරය මගින් අපගේ ශරීරයේ සිදුවන භෞතවේදී හා ශරීර විඥානවය කර්‍ය
මෙය පියවර 12 සමන්විතය.ඉදිරියට හා පසුපසට නැමෙන චලනටන්ගෙන් අනුව වේ.කරනුලබන සෑම චලනයක්ම හුස්මත් සමග සිදුකරනු ලබයී.
සූර්්‍ය නමස්කාරය හිමිදිරි උදයේ කිරීම තුලින් ශරීරයේ අැති නාඩි හරහා ප්‍රාන ගමන් කිරීම උත්තේඡනය කරයි.වාත පිත කම් දේෂත්‍ර ගමන් කරයි.නිර්නාල ග්‍රාන්ති උත්තේඡනය කරයි.ක්‍රියාශීලි කරවයි.මේ මගින් පුද්ගල නිරේගී බව රැකීමටත් රේගවලින් මිදීමට හැකි වේ.සූර්්‍ය නමස්කාරය තුලින් යෝග දර්ශනයට අනුවත් අායුර්වේද වෙෙද්‍යය ක්‍රමයට අනුවත්.නවීන වෙෙද්‍යය ක්‍රමයට අනුව ශරීරය කෙරෙහි බලපාන අාකාරය   ඉදිරි රූපසටහන් වලින් ඉදිරිපත් කරනු ලැබේ.

හිරු උදාවත් සමග කිරීමෙන් විශ්වයේ ශක්තිය ශරීරයට ලැබීමත් ශරීරයතුල තිබෙන ශක්තිය උද්දීපනය වීමත් සිදුවේ.දිනපතා කිරීමෙන් ශරීරශක්තිය වර්ධනයත් බාවාතමක සැහැල්ලුවත් ලැබේ.ශරීරය නම්‍යය ශීල වේ.රුධිර සැපයුම වැඩිකරයි.ඉන්ද්‍රි්‍්‍යයන් හොදින් ක්‍රියාකාරී වේ.අස්ති සැකිල්ල ශක්තිමත් කරයි.අාහාර ඡීර්ණ පද්ධතිය,ස්වසන පදධතිය,ස්නියු පද්ධතිය,රුධිර සංසරන පද්ධති හා ප්‍රඡනන පද්ධතිය නිසි ලෙස ක්‍රියා කරවයි.(මතු සම්බන්දයි)