Saturday, March 18, 2017

Yoga Padmasana

පද්මාසන
Isipath Piyasa



තමාගේ අාසනයෙහි වෙඩි වී පාදෙක දිග හරින්න.වම් පය හකුලා සෙමින් සෙමින් දකුණු උකුල් සන්ධියේ තබනු.ඉන්පසු දකුණු පය සෙමින් සෙමින් හකුලා වම් උකුල් සන්ධියේ තබනු.පිටකොන්ද කෙලින් තබාගනු.දකුණත දකුණු දණ සන්ධිය මතද වම් අත වම් දණසන්ධිය මතද තබනු.මෙසේ වාඩි වී තමාගේ නාසයේ අග දෙස මෘදු ලෙස බලනු.මෙය පද්මාසනයයි.මේ අාසනය යෝග අාසනවලින් ඉතාමත් යෝග්‍ය අාසනයක් බව අාචාර්්‍යය වරයෝ කියති.භාවනානුයෝගියා විසින් ඒ ඒ තැන්වලදී මේ පද්මාසනයත් මීට අනතුරුව කියවනු ලබන සිද්ධාසනයත් යොදාගත යුතුය.අන්‍ය වූ අාසන ශරීර ශක්තිය හා සෞඛ්‍යය දියුණු කර ගැනීම පිණිසත් බ්‍රහ්මචර්්‍යයාව රැක ගැනීම පණිසත් උපකාරී වෙති.ඒ අාසනවලින් හදගෙන භාවනා කිරීම අපහසුය.

සිද්ධාසනය


මෙය යෝගියාට හැම සිද්ධියක්ම හෙවත් හැම අභිඥා බලයක්ම ලබා දීමට සමර්ථ බැවින් සිද්ධාසනයයි කියනු ලැබේ.

තමාගේ අාසනයෙහි වාඩි වී පාදෙක ඉදිරියට දික් කර වම්පස හකුළා ඒ පාදයේ විලුඹ අධෝමාර්ගයට යටින් තබා ගනු.අනික් පාදයේ විලුඹ ලිංගයමුල යටි පැත්තේ තබා ගනු.නිකට පපුව මත තබාගනු.ඉන් අනතුරු අැස් නොවෙහෙසවා අැස්බැම දෙක මැද බලනු.පිටකොන්ද කෙලින් තබාගනු.අත්දෙක පද්මාසනයේ අාකාරයට තබාගනු.මුලදී මෙසේ හිදිනු.ක්‍රමයෙන් වැඩිකොට පැය තුන දක්වා දික්කරගත යුතුය.තරුණ බ්‍රහ්මචාරීන්ට බ්‍රහ්මචර්යාව රැක ගැනීම සදහා මේ අාසන ක්‍රමය ඉතා ප්‍රයොනවත් වේ.අර්ශස්,දියවැඩියාව,උපදංශරෝග අැති අයට මේ අාසනය ඉතා ප්‍රයෝජනවත් වේ.

No comments: