Monday, March 13, 2017

යෝග ප්‍රාණයාම

යෝග ප්‍රාණයාම
ප්‍රථම අභ්‍යසය

ඔබ භාවනාව සදහා වෙන් කල කාමරයෙහි ඔබගේ ශාස්තාවරයාගේ රූපය ඉදිරිපිට කැමති පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් වාඩිවනු.දකුණු මාපටැගිල්ලෙන් දකුණු නාස්පුඩුව වසාගෙන වම් නාස්පුඩුවෙන් සෙමින් හුස්ම ඉහළට ගතයුතුය.තමාට අපහසුවක් නොමැතිව හුසම ගත හැකිතාක් ඒ විදිහට කරනු.ඉන් පසු ඒ නාස්පුඩුවෙන්ම හුස්ම පිට කරනු.මේ අවස්ථාවේදි කරුණාව,මෙෙත්‍රිය,ඉවසීම,සාමය,ප්‍රීතිය,ඥානය යන යහපත් දේ උඩට අදින වාතය සමග ඔබේ ශරීරයට අැතුල් වේ යයි ද,ලෝභ,දේවේශ,මෝහදී අයහපත් දේ පිට කරන වාතය සමග පිටවේ යයි ද සලකනු.මෙසේ හය වරක් පමණ කරනු.මුලදී දිනපා මෙසේ හුස්ම ඉහළ පහළ ගෙන ක්‍රමයෙන් හයවාර දොළසකට නංවනු.ඉන්පසු වම් නාස්පුඩව සුළැගිල්ලෙන් හා ඒට උඩින් තිබෙන අැගිල්ලෙන් තද කොට දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඉහළට ගන ඒ නාස්පුඩවෙන් පිටකරනු.මෙයද පෙර සේ හය වරක් කරනු.මුලදී හයවාර 1 බැගින් කොට ක්‍රමයෙන් 12ට නන්වනු.

ප්‍රාණයාම 2වන අභ්‍යාසය

ප්‍රථම අභ්‍යාසයෙන් අනතුරුව දකුණු නාස්පුඩුව දකුණතේ මාපට අැගිල්ලෙන් වසා වම් නාස්පුඩුවෙන් හුස්ම ගනු.නැවත දකුණතේ සුළැගිල්ලෙන් හා ඒ ලගම අැගිල්ලෙන් වම් නාස්පුඩුව වසාගෙන දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිකරනු.නැවත දකුණු නාස්පුඩුවෙන් හුස්ම ගෙන මාපටඅැගිල්ලෙන් ඒ වසා වම් නාස්පුඩුවෙන් පිට කරනු.මෙසේ වාර 6ක් කරනු.
     උදෑසන වාරයක් ද හවස වාරයක් ද මෙසේ කරමින් ක්‍රමක් ක්‍රමයෙන් හයවාර දොළස දක්වා වැඩි කරනු.

ප්‍රාණයාම 3වන අභ්‍යාසය

නාස්පුඩු දෙකෙන්ම හැකිතරම් හුස්ම අැතුළට ගෙන ඒසේ හුස්ම පිටකරනු.මෙය දොළොස්වරක් කරනු.මෙය 1ක් රවුමකි.1ක් රවුමකින් පටන්ගෙන රවුම් 6 දක්වා දික කරනු.

ප්‍රාණයාම 4වන අභ්‍යසය

නාස්පුඩු දෙකෙන්ම ඔබට හැකිතරම් හුස්ම ගෙන.හැකතරම් කාළයක් ඒ අැතුලත රදවාගනු.ඉන්පසු හැකිතරම් දුරට හුස්ම පිටකරනු.මෙයද දොළොස් වාරයක් කිරීම 1ක් රවුමකි.ක්‍රමයෙන් රවුම් 6දක්වා නංවනු.

ප්‍රාණයාම 5වන අභ්‍යාසය

දකුණතේ  මාපටඅැගල්ලෙන් දකුණු නාස්පුඩුව වසාගෙන වම් නාස්පුඩුවෙන් හුස් ගන්න.අනතුරුව දකුණතේ සුළැගිල්ලෙන් හා ඒ ලග අැගිල්ලෙන් වම් නාස්පුඩුව වසාගෙන ඔබට හැකිතාක් කල් හුස්ම නවතාගෙන සිට මාපටැගිල්ල ඉවත් කොට දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිටකරනු.
       නැවත දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඉහළට ගෙන පෙර සේම හැකිතාක් කාලයක් නවතාගන සිට වසාගෙන සිටි වම් නාස්පුඩුවෙන් පිට කරනු.මේ ක්‍රම 6  1ක් ප්‍රණයාමයකි.උදෑසන ඒ වැනි ප්‍රාණයාම 20ක් ද සවස20ක් ද අාම්භයේදී පවත්වනු.ක්‍රමක් ක්‍රමයෙන් 80 දක්වා නංවනු.

ඔබට කාල නියමයක් අවශ්‍යය නම්  ooommm     යයි 1වරක් කියන තුරු හුස්ම ගෙන ඒ සතර වරක් කියවෙන තුරු හුස්ම නවත්වාගෙන සිටooomm    දෙවරක් කියන තුරු හුස්ම පිට කරනු (හුස්ම ගැනීම1.නවතා තැබීම,4.පිට කිරීම)2.දෙවෙනි සතියෙදී කාල ප්‍රමානය 2;8;4 ට නංවනු.තෙවෙනි සතයේදී 3;12;5 යන ප්‍රමණයට නංවනු ක්‍රමක් ක්‍රමයෙන් 20;80;40 දක්වා නංවනු.යම් සතියක නැන්වීමට අපහසුයයි පෙනේ නම් සති 2 හෝ 3 ක් ඒකම ප්‍රමාණයකට ගෙන යා යුතුය.

මතු සම්බන්දයි. 

No comments: